ජනාධිපති රනිල් වික්රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ඊයේ(08) රාත්රී කොළඹදී පැවැත්විණි.ඉතා සුහද මට්ටමින් පැවැතිඑම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඉදිරි ජනපතිවරණයේ දී දෙපාර්ශවයම නියෝජනය කෙරෙන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහි දී විශේෂයෙන් සලකා බලන ලද බව ශ්රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.