ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනපතිවරණයට;පොහොට්ටුවෙන් කැඩුණු කොටසකගේත් සහාය ලැබෙන ලකුණු

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර ඇති අතර ජනපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර පැයක පමණ කාලයක් ඇතුළත අද(26) පෙරවරුවේම ඇප මුදල් ද තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.ඒ අතර ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේත්තු කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක ගේ සහාය ඔහුට හිමි වනු ඇතැයි ද පැවසෙයි.මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා ද රනිල් වික්‍රමසිංහ මහතා වන අතර මැතිවරණ කොමිසම මඟින් නිල වශයෙන් දන්වා ඇති අන්දමට ලබන සැප්තැම්බර් 21 ඊළඟ ජනපතිවරණය පැවැත්වෙනු ඇත.

කාලීන පුවත්