ජනපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කිරීමට එරෙහි වාරණ නියෝගයක්?

කොළඹ කොටුවේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට කොටුව පොලීසිය සූදානම් වන බව වාර්තාවේ.ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා හේතුවෙන් ජනපති වරයාට සහ ජනාධිපති ලේකම් කාර්යාල සේවකයන්ට සිදුව ඇති අපහසුතා මඟහරවා ඔවුනට කරදරයකින් තොරව සිය සේවයට වාර්තාකිරීමට ඇති අයිතිය තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන බව වාර්තාවේ.ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති පදවියේ දිවුරුම් දීමෙන් පසු ඊට පෙර තැන් තැන්වල පැවති ජනතා උද්ඝෝෂණ එකම තැනකට ගෙන එමින් ඔහු විසින්ම ගාලු මුවදොර ආශ්‍රිතව‘උද්ඝෝෂණ ස්ථානය‘ නමින් ස්ථාපිත කරවා උද්ඝෝෂණ සඳහා පිළිවෙලක් සකසා දෙන ලදී. මේවන විට “ගෝටාගෝගම” නමින් ප්‍රකටව ඇත්තේ එම පරිශ්‍රයයි.

කාලීන පුවත්