ශ්රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වී තිබේ.ඒ දෙවන තැනට පත් අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතාට වඩා වැඩි ඡන්ද 52ක් ලබා ගනිමිනි.මෙම ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද හිමි වූ අතර අනුර දිසානායක මහතාට හිමි වූයේ ඡන්ද 03 ක් පමණි.