ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එක්ව තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.