ජීන් හැක්මන් මෙයට කලෙකට පෙර හොලිවුඩ් සිනමාවේ ඉතා කීර්තිමත් නළුවකු විය. ඔහුගේ දක්ෂතාව කෙතෙක් ද යත් දෙවරක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නට පවා ඔහු සමත් වූයේය. එක් වරක් හොඳම නළුවා ලෙස ද, තව වරක් හොඳම සහය නළුවා ලෙස ද ජීන් හැක්මන් ඔස්කාර් සම්මාන දිනා ගත්තේය.
කෙසේ නමුත් මෙයට දින කිහිපයකට පෙර ඔහු සම්බන්ධයෙන් අසන්නට ලැබුණේ ඉතා කණගාටුදායක පුවතකි. එනම් ඔහු සිය නිවස තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලද බවයි. ඔහුගේ පමණක් නොව ඔහුගේ බිරිඳ ගේ මළ සිරුර ද මේ ආකාරයෙන් සොයා ගනු ලැබ තිබිණි. ඊට අමතරව ඔවුන්ගේ සුරතල් සුනඛයකු ද නිවස තුළ මිය ගොස් සිටි බව වාර්තා විය.
95 වැනි වියේ පසු වූ හැක්මන් ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා සමග ජීවත් වූයේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රන්තයේ සැන්ටා ෆේ නැමැති ප්‍රදේශයේ පිහිටා තිබූ ඇ. ඩොලර් මිලියන 3 ක් (ලංකා රුපියල් කෝටි 88 ක්) පමණ වටිනා සුවිසල් නිවසක ය. දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක වූ බෙට්සි 65 වැනි වියෙහි පසු වූවාය.
මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් මෙම මරණ සිදු වූයේ කෙසේද යන්න පැවතියේ අබිරහසක් ලෙසිනි. ඔවුන්ගේ සිරුරු සොයා ගනු ලැබ තිබුණේ අසල්වැසියකු දුන් දුරකතන ඇමතුමක් නිසා එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් බව සඳහන් වේ.
හැක්මන්ගේ, ඔහුගේ බිරිඳගේ සහ සුනඛයාගේ සිරුරු හමු වී තිබුණේ තැන් තුනක තිබී වීම ද මෙම අබිරහස තවත් තීව්ර කරන්නක් වී තිබේ. හැක්මන් ගේ සිරුර තිබී ඇත්තේ මුළුතැන්ගෙය අසළ කුඩා කොටසක ය. බිරිඳගේ සිරුර හමු වී තිබුණේ නාන කාමරයක තිබී බව සඳහන් වේ. සුනඛයාගේ සිරුර තිබී ඇත්තේ කූඩුවක් වැනි තැනක ය. මළ සිරුරු නරක් වීමට පටන් ගෙන තිබූ බවක් ද විමර්ශන කරන නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි. සිරුරු සොයා ගෙන ඇත්තේ මරණ සිදු වී දින කිහිපයකට පසුව බව මේ අනුව හෙලි වී තිබේ.
හැක්මන් බිම වැටී සිටි ස්ථානයේ ඔහුගේ සැරයටියක් සහ අව් කණ්ණාඩි යුගලක් ද තිබී සොයාගෙන තිබිණි. ඔහු හදිසියේ ඇද වැටී ඇති බවක් පෙනෙන්නේ යයි ද පොලිස් නිලධාරීන් පවසා ඇත. හැක්මන්ට හෘද ස්පන්දනය ක්‍රමවත් කරන උපකරණයක් සවි කර තිබී ඇති අතර එය පෙබරවාරි 17 වැනි දින නතර වී තිබූ බව විමර්ශණවල දී හෙලි වී ඇතැයි පැවසේ. ඔවුන්ගේ මළ සිරුරු සොයා ගෙන තිබුණේ පෙබරවාරි 26 වැනි දින ය.
කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු කාන්දුවක් මෙම මරණවලට හේතු වී ද යන සැකයක් ද ඇති වී තිබිණි. එහෙත් එවැන්නක් සිදුව නැති බව ද පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. මෙම තත්වය තුළ මෙම අබිරහස විසඳා ගැනීම බෙහෙවින් අසීරු වී ඇත.
බෙට්සි අරකාවා වැටී සිටි නාන කාමරයේ බිම බෙහෙත් පෙති වාගයක් ද වැටී තිබී ඇත. ඒවා අධි රුධිර පීඩනය සහ තයිරොයිඩ් ආබාධ සඳහා ලබා දෙන ඖෂධ බව ද හෙලි වී තිබේ.
මොවුන් කිසියම් පාර්ශ්වයක් විසින් ඝාතතය කරනු ලැබුවාද යන්න සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමු වී තිබිණි. නමුත් සිරුරුවල තුවාල සලකුණු ආදී කිසිවක් නොවූ බව සඳහන් වේ. පොලිසිය දැනට විශ්වාස කරන්නේ අපරාධයක් සිදුව නැති බව යි.
කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු කාන්දුවක් මෙම මරණවලට හේතු වී ද යන සැකයක් ද ඇති වී තිබිණි. එහෙත් එවැන්නක් සිදුව නැති බව ද පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. මෙම තත්වය තුළ මෙම අබිරහස විසඳා ගැනීම බෙහෙවින් අසීරු වී ඇත.
පොලිස් නිලධාරීන් නිවස වෙත එද්දී තවත් සුනඛයන් දෙදෙනෙකු නිරුපද්‍රිතව නිදැල්ලේ සිටිනු දැකගන්නට ලැබී තිබිණි.
කෙසේ හෝ වේවා මෙහිදී සිය දිවි නසා ගැනීමක් සිදු වූවා ද යන පැනය ද ඇතැමුන් මතු කර තිබෙනු දැක ගන්නට ලැබිණි. නමුත් එවැන්නක් සිදු වූ බව පෙන්වන සාක්ෂි ද තවම හමු වී නැත.
මේ අතර අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයකු මෙම මරණ සිදු වූ ආකාරය සම්බන්ධයෙන් කර තිබූ අනුමානයක් මාධ්‍ය තුළ පළ වී තිබිණි. ඔහු පවසන්නේ මුලින්ම ජීන් හැක්මන් හෘදයාබාධයක් වැනි දෙයකින් මරණයට පත් වන්නට ඇති බවයි. හෘදයාබාධයෙන් ඔහු ඇද වැටුණු විට හැක්මන්ගේ බිරිඳ බෙට්සි ඔහුගේ ඖෂධ ගෙන ඒමට නාන කාමරය වෙත යන්නට ඇති බව මෙම විශේෂඥයාගේ අනුමානය යි. කලබලය නිසා ඇය නාන කාමරය තුළ ඇද වැටුණා විය හැකි බවත්, එහිදී හිස යමක වැදීම වැනි සිද්ධියකින් මිය යන්නට ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මෙම විශේෂඥයා අනුමාන කරන්නේ සුනඛයාගේ මරණයට හේතුව දින ගණනක් තිස්සේ ආහාර සහ ජලය නැතිව සිටීම විය හැකි බව ය.
අති දක්ෂ නළුවකු වූ හැක්මන් ගේ මරණය සිනමා ලෝකයේ බොහෝ දෙනා තුළ මහත් කම්පනයක් ඇති කරන්නට සමත් විය. සිනමා නළු නිළියන්, අධ්යක්ෂවරුන් ඇතුළු බොහෝ දෙනෙකු ඔහුගේ දක්ෂතා අගය කරමින් සහ ඔහුගේ මරණය පිලිබඳ ශෝකය පළකරමින් කතා කර තිබෙනු දැක ගන්නට ලැබිණි.
අති දක්ෂ නළුවකු වූ හැක්මන් ගේ මරණය සිනමා ලෝකයේ බොහෝ දෙනා තුළ මහත් කම්පනයක් ඇති කරන්නට සමත් විය. සිනමා නළු නිළියන්, අධ්යක්ෂවරුන් ඇතුළු බොහෝ දෙනෙකු ඔහුගේ දක්ෂතා අගය කරමින් සහ ඔහුගේ මරණය පිලිබඳ ශෝකය පළකරමින් කතා කර තිබෙනු දැක ගන්නට ලැබිණි. ක්ලින්ට් ඊස්ට්වුඩ්, ටොම් හෑන්ක්ස්, මෝගන් ෆ්රීමන්, ඩස්ටින් හොෆ්මාන්, ග්ලෙන් ක්ලෝස්, වයලා ඩේවිස්, ඇලෙක් බෝල්ඩ්වින්, ෆ්‍රන්සිස් ෆෝඩ් කොපෝලා වැනි දැවැන්තයෝ ඒ අතර වූහ.
හැක්මන් සැලකෙන්නේ ඕනෑම ආකාරයක චරිතයක් අති දක්ෂ ආකාරයෙන් රඟපෑමට හැකියාව ඇති නළුවකු හැටියටය.
1930 වසරේ උපන් ඔහු වරක් පවසා තිබුණේ වයස අවුරුදු 10 යේ සිටම තමාට නළුවකු වීමේ ආශාවක් තිබූ බව යි. තමා මුලින්ම චිත්‍රපටයක් බැලුවේ ඒ වයසේදී බවක් ද ඔහු පවසා තිබිණි. කෙසේ නමුත් ඔහු පළමු වරට චිත්‍රපටයක රඟපෑවේ 1961 වසරේ යි. ඒ වනවිට හැක්මන් ගේ වයස අවුරුදු 31 ක් විය.
නිහාල් පීරිස්