ජනවාරියේ සිට විදුලි බිල අඩු කරනවා ලබන පසුගිය විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය ලබන ජනවාරි මාසයේදී අඩු කළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බැවින් ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි.අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.