ජනවාරි 03වන සතියේ සිට වී මිලදී ගැනීමේ කටයුතු ඇරඹෙයි

ජනවාරි 03වන සතියේ සිට වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද සඳහන් කළේ ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊට අදාළ මුදල් වෙන්කර ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳපොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්