ජන්දෙට සල්ලි නොදෙන හේතුව අහගන්න මුදල් අමාත්‍යංශ,භාණ්ඩාගාර ලේකම් මැතිවරණ කොමිසම හමුවට

පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇති මුල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන අද(15) කොමිසම හමුවට කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මුදල් නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුව තිබේ.මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබුණු අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබුණි.

කාලීන පුවත්