ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මතය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් යම් පිරිසකගේ කැමැත්ත ද පළ වී ඇතැයි ද පැවසෙයි.මේ වනවිට මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි විධායක සභා රැස්වීමේදී යෝජනාවක් ලෙස සම්මත කිරීම සඳහා සූදානමින් සිටින බව ද වාර්තා වේ.ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම තුළින් කිසිදු දේශපාලන පක්ෂයකට අසීමිත බලයක් නොලැබෙන නිසා පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදී සංයුතිය මනාව ආරක්ෂා වන බව ඔවුන් ගේ මතය වී තිබේ.ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා දෙවනුව පාර්ලිමේන්තු මැතිවරණය හෝ කුමන මැතිවරණයක් හෝ පැවැත්වුවත් පත්වන ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට අසීමිත බලයක් ලැබෙන බවත්, ඒ තුළින් ජනතා අපේක්ෂා ඉටුනොවනු බවත් පෙර අවස්ථා කිහිපයකින් පැහැදිලි වී ඇති බවත් බවත් ඔවුහු සඳහන් කරති.ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයට පෙර පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය මේ අවස්ථාවේ තිබෙන බවත් නැතහොත් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තෙන් එය විසුරුවා හැරිය හැකි බවත් ඔවුහු වැඩි දුරටත් සඳහන් කරති.