ජනාධිපතිවරණය අනිවාර්යයි

අයවැයෙන් මුදල් වෙන් කොට ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතික වී තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව සඳහන් කළ ජනාධිපති වරයා.පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බවත් මේ වන විට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවත් පවසා ඇති අතර රජය වැඩකර රටට පෙන්වන අතරේ විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බව ද මෙහිදී පවසා තිබේ.

කාලීන පුවත්