ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා;විනිවිද අනාවැකිය හරි

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.ඊට අදාළ නාම යෝජනා භාර ගැනීම ලබන අගෝස්තු 15 වැනිදා සිදු කරන බව ද මේ පිළිබඳ ගැසට්ටුව නිකුත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනය කර සිටී.

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම සමාජමය අවිනිශ්චිතතාවක් පැතිර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා විද්වතුන් විසින් එකි`නෙකට පරස්පර මත ඉදිරිපත් කරනු දක්නා ලදී.

ඒ අතරතුර මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුව සුනිල් කන්නන්ගරයන් පළ කළ සංඛ්‍යානමය අනාවැකිය මුල් වරට ප්‍රසිද්ධ මාධ්‍යයකින් ඉදිරිපත් කරන ලද්දේ ද vinivida.lk බව නිහතමානී සොම්නසකින් යුතුව මෙසේ දන්වමු.

අදාල සබැඳිය මෙතනින්:

ජනපතිවරණය සැප්තැම්බර් 21 දා;සංඛ්‍යානමය අනාවැකියක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

 

 

කාලීන පුවත්