ජනා­ධි­ප­ති­ව­ර­ණ නිහඬ කාලය ඇරැඹේ

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළ ප්‍රචා­රණ කට­යුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි­යෙන් අව­සන් වූ අතර නිහඬ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට මැති­ව­ර­ණය පැවැ­ත්වෙන 21 වැනි සෙන­සු­රාදා දක්වා ක්‍රියා­ත්මක බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කරයි.නිහඬ කාල­ සී­මාව තුළ කිසිදු ආකා­ර­යක ප්‍රචා­රණ කට­යු­ත්තක් සිදු කිරීම සපුරා තහ­නම් වන අතර මැති­ව­රණ නීති රීති උල්ලං­ඝ­නය කරන ඕනෑම පාර්ශ්ව­යක් අත්අ­ඩං­ගු­වට ගෙන නීතිය ක්‍රියා­ත්මක කිරී­මට පොලි­සි­යට බලය පවරා තිබේ.ඒ අනුව මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන්ගේ අව­සන් රැලි ඊයේ පස්ව­රුවේ කොළඹ සහ තදා­සන්න ප්‍රදේශ කිහි­ප­ය­කදී පැවැ­ත්වුණු අතර ස්වාධීන අපේ­ක්ෂක රනිල් වික්‍ර­ම­සිංහ, සමගි ජන බල­වේ­ගයේ අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස, ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක නාමල් රාජ­පක්ෂ, සර්ව­ජන අපේ­ක්ෂක ව්‍යව­සා­යක දිලිත් ජය­වීර යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැ­ත්විණි.

කාලීන පුවත්