ජන අරගලය 14 නුගේගොඩින් ජනපතිවරණ සටන අරඹයි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජන අරගල සන්ධානය දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන ජනරැලි 25ක් සහ ජන හමු පන්සීයක් සංවිධානය කර ඇත.එහි පළමු ජනරැලිය මේ මස 14 වැනිදා ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ දී පැවැත්වෙනු ඇත.වසන්ත මුදලිගේ මහතා ඇතුළු එම සන්ධානයේ විධායක සභිකයින් ද එම ප්‍රධාන ජනරැලි අමතන බව ජන අරගල සන්ධානය පවසයි.එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ප්‍රධාන ජනරැලි විසි පහටම සහභාගි වීමට නියමිතය.

කාලීන පුවත්