ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 වෙනිදා

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිත බව එහි ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ ඇඹිලිපිටියේ පැවති මහජන රැලියක දී ය. මේ වන විට විවිධ දේශපාලන කටකතා මගින් තමන් පැමි‍ණි පසු කරන්නට යන දේවල් ගැන වැරදි තොරතුරු පතුරා ඇති බැවින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඒ සියලු බොරු යටපත් කරනු ඇති බව ඔහු පැවසීය.එළැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තම ඉදිරි වැඩපිළිවල ඒ තුළින් එළිදැක්වීමට නියමිත බව ද ඒ මහතා කීය.මෙමඟින් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා හිඳින ආර්ථික අර්බුදයට පවත්නා ගෝලීය ආර්ථික ව්‍යුහය මඟින් විසඳුම් ලබා දෙන ජාතික ජන බලවේගයේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ පැහැදිලි විස්තරයක් ද ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්