ජපානයේ හිටපු අගමැති ඝාතන සිද්ධිය මත එහි පොලිස් ප්‍රධානී ඉල්ලා අස්වෙයි

ජපානයේ හිටපු අගමැති ඝාතන සිද්ධිය මත එහි පොලිස් ප්‍රධානී ඉල්ලා අස්වෙයි ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ ඝාතන සිද්ධියට අදාලව එහි පොලිස් ප්‍රධානී ඉටාරු නකමුරා මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. හිටපු අගමැති වරයා ඝාතන සිද්ධියේ වගකීම භාර ගනිමින් තමන් තනතුරින් ඉවත් වන බව ඔහු සඳහන් කර තිබේ.හිටපු අගමැතිවරයාට සලසා තිබු ආරක්ෂාවේ අඩුපාඩු පැවති බව පරීක්ෂණවල දී අනාවරණ විය. නාරා නගරයේ දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී පසුගිය මස 8 වැනිදා ෂින්සෝ අබේ මහතා වෙඩි තබා ඝාතනය කෙරිණි.ඒ ඔහු මූලධර්මවාදී ආගමකට සම්බන්ධයැයි පැවසෙන සිදුවීමක් මුල් කර ගනිමිනි.

කාලීන පුවත්