ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව, එහි උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි.
විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති බවත් එම තීරණයෙන් අනතුරුව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළට පැමිණ විශාල සිසුන් පිරිසක් කළ බලපෑමක් හේතුවෙන් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් එම නිලධරියා වැඩි දුරටත් සඳහන් කළේය.
අදාල සිසුන් පිරිස උපකුලපතිවරයාගේ කාර්යාලය අසළ කළහකාරීව හැසිරී ඇති බව ද වාර්තා වේ.