ජල ගාස්තු ද අඩු වන ළකුණු

විදුලි බිලට සාපේක්ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩු වනු ඇති බවට ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය අනාවැකි පළ කරයි.එහි නිලධාරියෙකු පැවසුවේ විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ට ද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බවකි.ඒ අනුව එහි අවසන් වාර්තාව සති දෙකක් තුළ අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද එම නිලධාරියා පැවසීය.මේ වන විට මෙරට සමස්ත ජල පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා ජලගාස්තු සංශෝධනයක් සිදු විය. එහිදී ජල ගාස්තු සියයට 5යි දශම 9යි 4කින් අඩු කරන ලදී.මෙවර ඊට වැඩි ප්‍රතිශතයකින් ජල ගාස්තු අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්