ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට ආසන්න භූමි ප්‍රමාණයක කුඹුක්, බක්මී ඇතුළු වටිනා ගස් වර්ග කපා විශාල දැව සංහාරයක් සිදුකර ඇති බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති.

වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මෙන්ම ආරක්ෂක අංශවලට හොර රහසේ දිවා සහ රාත්‍රී කාලයේ දැව ජාවාරම වසර දහයක්, පහළොවක පමණ කාලයක්ක සිට සිදුකරන අතර මේ වනවිට ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇති බවද පරිසරවේදීන් කියති.

වැලිකන්ද කටුවන්විල, කුඩාපොකුණ ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම ජාවාරම සිදුකරන අතර එම ජාවාරම සඳහා යන්ත්‍ර කියත් භාවිතා කර කපා ගන්නා දැව වාලච්චේන ඇතුළු විවිධ ප්‍රදේශවලට රාත්‍රී කාලයේ, ටැක්ටර් සහ ලොරි රථ මගින් ප්‍රවාහනය කරන බවද පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති මෙම දැව ජාවාරම සිදුකරන කලාපය, වර්ෂා කාලයේදී ජලයෙන් යටවන ප්‍රදේශයක් වන අතර එම කාලයේදී වන සංරක්ෂණ නිලධාරීන් හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ට එම ප්‍රදේශයට ඇතුළුවීම දුෂ්කරවීම මත ජාවාරම්කරුවන් දිගින් දිගටම මෙහි දැව ජාවාරම සිදුකරන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.

කාලීන පුවත්