ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අජිත් පෙරේරා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිරිපහදු කළ ජලය පාවිච්චියෙන් වැළකී සිටින ලෙසයි.

එසේ නොවුනහොත් පරිභෝජනය අධිකවීමත් සමඟ ජල සැපයුමේ ගැටළු මතුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ගංඟාවලින් මුහුදට ගලායන ජල ප්‍රමාණය අඩුවීමත් සමඟ මුහුදු ජලය ගංඟාවලට එකතුවීම ආරම්භ වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා, එය ජල පිරිපහදුවට බාධාවක් වී ඇති බවයි පවසයි.

කාලීන පුවත්