මේ වන විට රටපුරා පවතින ජලභීතිකා එන්නත් හිඟය මුල් කොට ඇමෙරිකානු ඩොලර් 26,000ක් වටිනා ජලභීතිකා එන්නත් 5000ක් UL-178 ගුවන්යානයෙන් අද ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත ය.මෙමඟින් මාසයක් සඳහා වන ජලභීතිකා එන්නතේ (Anti Rabies Serum) ජාතික අවශ්‍යතාවය සැපිරීමට කටයුතු යොදා තිබේ.මේ වන විට රට තුළ ජලභීතිකා එන්නතෙහි දැඩි හිඟයක් ඇති වී ඇති බවත් එනිසාම ජීවිත අහිමි වීමේ අවදානමක් ඇති වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. එක්සත් රාජධානියේ පිහිටි සංවිධානයත්, සේරුවිල මංගල රාජමහා විහාරය සහ ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එකාබද්ධව පිහිටුවා ගත් Sri lanka medical and dental Association සංවිධානයත් එක වී මාසයක් සඳහා වන ජලභීතිකා එන්නතේ ජාතික අවශ්‍යතාවය සැපිරීමට කටයුතු යොදා තිබේ.මේ අතර වත්මන් සමාජ ආර්ථික දේශපාලන නොවිධිමත් බව නිසා ඇති වූ ජලභීතිකා එන්නත් හිඟය මුල් කොට අසරණ සුනඛයන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන සත්ව හිමිකම් ක්‍රියාධරයන් කියා සිටිනුයේ මෙම අර්බුදය විසඳීම අමානුෂික ක්‍රියාදාමයන් කෙරෙහි යොමු නොවී අසරණ සතුන්ගේ ජීවිතාරක්ෂාව පදනම් කරගත් විධිමත් ක්‍රියාවලියකට එළඹිය යුතු බවකි.