ජල විදුලි උත්පාදනය පහත බැහැලා;පරිස්සමින් විදුලිය භාවිතා කරන්න

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි උත්පාදනය පහළ ගොස් ඇති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා විදුලි පාරිභෝගිකයන් ගෙන් ඉල්ලීමක් කරයි.ඔහු සඳහන් කරනුයේ දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ජල විදුලි උත්පාදනය, 21% ක් දක්වා පහළ ගොස් ඇති බවකි.මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් වන බවත් සූර්ය බලයෙන් 4.5% ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන බවත් ඔහු සඳහන් කරයි.සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව, 5% ක් වන අතර, මේ වන විට 64% ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර මඟින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.

කාලීන පුවත්