ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තරමක් ඉහළට

මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම යම් තරමකින් ඉහළයෑමට පටන්ගෙන ඇත. ලක්‍ෂපාන, කැනියොන්, නව ලක්‍ෂපාන හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර 04 වෙත ජලය සැපයෙන ප්‍රධාන ජලාශය වන මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.නමුත් ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනුයේ එම ජලාශ වල ජල මට්ටම් තවමත් ප්‍රශස්ථ මට්ටමින් ඉහළ ගොස් නොමැති බවකි.

කාලීන පුවත්