සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද(09) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ තීරණය කර ඇත.සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමු කරන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ පෙරවරුවේ කියා සිටියේ අද දිනයේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා සහභාගී වන බවයි.වර්තමානය රට මුහුණ පා සිටින ජාතික මට්ටමේ පොදු එකඟතාවකින් මිස අන් කිසිදු ලෙසකින් විසඳා ගත නොහැකි බවක් පළ කෙරෙන දැවැන්ත ආර්ථික බිඳ වැටීම වළකාලන කෙටි කාලීන පියවරක් ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක හෝ පාලනයක අවශ්‍යතාව ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් ද අවධාරණය කොට තිබේ.