ජවිපෙ හිටපු කැබිනට් ඇමති වරයෙක් සජිත් ගේ සහායට

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කැබිනට් ධීවර ඇමැති පදවිය හෙබ වූ චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබල පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එම පක්ෂය සමග එක්වී ඇත.2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අනුර දිසානායක, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත,යන මහත්වරුන් කැබිනට් ඇමති ධුර හොබවන අතරේ කැබිනට් ධීවර ඇමැති පදවිය හෙබ වූ ඔහු පසුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග ජවිපෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කොටතිබේ

කාලීන පුවත්