ජ්‍යෙෂ්ට පුරවැසි ගිනුම් සඳහා 3% අතිරේක පොලියක්

ජ්‍යෙෂ්ට පුරවැසියන් ගේ ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළ පොලී අනුපාතයට වඩා සියයට 3ක අතිරේක පොලී අනුපාතයක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(17) 2025 අයවැය කථාවේ දී ප්‍රකාශ කර සිටියේය.වර්තමානයේ සියයට 8 ක් හෝ ආසන්න වශයෙන් පවතින ස්ථාවර තැන්පතු පොලී අනුපාත ක්‍රමය නිසා ජ්‍යෙෂ්ට පුරවැසියන් වැඩි දෙනෙකු පීඩාවෙන් පසුවන බවට පසුගියදා ප්‍රකාශ විය. මින් ඉහත සියයට 15 ක් ලබාගෙන මාසික වියදම පියවා ගත් ජ්‍යෙෂ්ට පුරවැසියන් ගේ පොලී අනුපාත රටේ ආර්ථික අර්බුදය නිස වෙනස් කළ අතර එයින් අපහසුතාවයට ලක්වූ වැඩිහිටියන් හඩක් නැගුවද පලක් වූයේ නැත.ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළ පොලී අනුපාතයට වඩා සියයට 3ක අතිරේක පොලියක් ලබා දීම ද සිදුවනු ඇත.නව ක්‍රමය අනුව මෙම විශේෂ පොලී අනුපාතය උපරිම වශයෙන් රුපියල් මිලියන 1ක තැන්පතුව දක්වා සීමා කෙරේ.මෙම සුවිශේෂී මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 15ක මුදලක් 2025 අයවැයෙන් වෙන් කර ඇත.මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී බැංකු පද්ධතිය හරහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කෙරෙනු ඇති අතර, සුදුසුකම් ලබන පුරවැසියන්ට මෙම විශේෂ පොලී අනුපාතය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත

කාලීන පුවත්