මේ වන විට වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින අතර එකම පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ගිණුම්වල තැන්පත් කිරීම ආදිය පිළිබඳව විමසා ඒවා විධිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කොට ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එහි දී අමාත්‍යවරයා පවතින ආර්ථික තත්ත්වය අනුව පොලී අනුපාතය කොතරම් ඉහළ දැමිය හැකිදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ දී දැනුම් දී තිබේ.