ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය අඩු කිරීම ගැන ජනපතිට ලිපියක්

පසුගිය කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට හිමිව තිබූ පොලිය අඩු කිරීමට සහ රඳවා ගැනීමේ බද්ද දෙගුණ කිරීමට එරෙහිව ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි සාමාජිකයන්’ පෙරේදා (20 දා) ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් භාරදී තිබේ.කිසිදු විශ්‍රාම වැටුපක් නොමැති තමන්ගේ එකම ආදායම් මාර්ගය වන ස්ථාවර තැන්පතු මත උපයන පොලිය 2022 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට ලක්ව ඇති බැවින් එය පවතින තත්ත්ව යටතේ තවදුරටත් අසාධාරණ තත්ත්වයට ඇද දමා ඇතැයිද ඔවුහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. මිලියන 10ට අඩු ස්ථාවර තැන්පතු හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පළමු රුපියල් මිලියන 1.5 ඉතිරි කිරීම් සඳහා 15%ක පොලී අනුපාතය නැවත ලබාදීම, බදුවලට අයත් නොවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීම, ඔසුසලෙන් දෙන විශේෂ ඖෂධ සහනාධාරය පෞද්ගලික ඔසුහල් සඳහා ද ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා තිබේ.

කාලීන පුවත්