ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය වැඩි කරයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත.

ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ අනුව, අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10% ක් ලෙස අවුරුදු 2 ක කාලයක් සඳහා ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කාලීන පුවත්