ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි තුන්වන සමාලෝචනය ප්‍රමාදවී ඇති නමුත් අදාළ කාර්ය මණ්ඩල ගිවිසුම එළඹෙන 23 වන දා අත්සන් කළ හැකි බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක් බව ද ජනාධිපතිවරයා පවසයි.ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද(21) 10 වන පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.අත්වැරැද්දක් හෝ කිරීමේ අවස්ථාවක් මෙම ආර්ථිකය විසින් උරුමකර දී නැති බවද සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධ කාරනාවලදී සියුම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙයි.එසේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්රසාරණයක් අතුකර ගැනීමට අවශ්‍ය නමුත් ජනතාව පිටමන් කරන ලද ආර්ථිකයෙන් ඵලක් නොමැති බව ද සඳහන් කරන ජනාධිපතිවරයා ආර්ථිකයේ සෑම ක්‍රියාදාමයක දීම ඒ ඒ හැකියාව අනුව ජනතාව ආර්ථිකයේ පංගුකරුවන් විය යුතු බවද අවධාරණය කරයි.ආර්ථික ප්රතිලාභ සාධාරණ ලෙස ජනතාව වෙත ගලා යාමට සැලස්සවීමේ අවශ්‍යතාව සඳහන් කරන ජනාධිපතිවරයා නිෂ්පාදනය මෙන්ම වෙළඳපොළ හැසිරවීම සඳහා සැළකිය යුතු රාජ්‍ය පංගුවක් සමඟ මැදිහත්වීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද පෙන්වා දෙයි.