ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

සමස්ත ලෝකයේම වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී ඇත.වැඩ දිනය පැය 08 කට සීමා කරන ලෙස ඉල්ලා ඇමරිකාවේ චිකාගෝ නුවර 1886 මැයි මාසයේ හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය අරගලයේ දීපොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ කම්කරුවකුගේ රුධිරයෙන් තෙත් වූ කමිසය ඉහළට නංවාගෙන ඇරඹි අරගලයේ ව්‍යාප්තිය සනිටුහන් කරමින් මෙසේ මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කර තිබේ.සමස්ත ලෝකයේම පීඩිත පන්තියට අයත් සේ සැලකෙන යහපත් ජීවන තත්වයක් උදෙස ගෙන යන අඛණ්ඩ අරගලය මැයි දිනය තුළින් සංකේතවත් කෙරේ.නමුදු මේ වන විට ශ්‍රී ලංකාවේ මැයි දිනය දේශපාලන කඳවුරු වලට අනුගත වීම මත ස්වාධීන වෘත්තීය සමිති අභිබවා ප්‍රධාන දේශපාලන පක්ෂ අද දිනයේ මැයි පෙළපාලි සහ මැයි රැළි පවත්වමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට කටයුතු සූදානම් කර තිබේ.

කාලීන පුවත්