රට තුළ පවත්නා ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම රජයෙන් ඉල්ලා ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වීමට රජයට සිදුවනු ඇති බව ය.එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .එමෙන්ම රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි දී සඳහන් කර ඇත .කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත.එමෙන්ම වර්තමාන ඩොලර් අර්බුදය අතිශය බරපතල බැවින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම කෙරෙහි ද මෙගි දී ඇතැම් ඇමති වරුන් යෝජනා කොට තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ නොමැති බැවින් මෙම කැබිනට් රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පවත්වා තිබේ.