ජාත්‍යන්තර සුනඛ දිනය අදයි    

ජාත්‍යන්තර සුනඛ දිනය අද(26)ට යෙදී තිබේ.සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 26 වන දින ජාත්‍යන්තර සුනඛ දිනය සමරනු ලැබේ. මිනිස් සමාජය වෙනුවෙන් අන් කිසිදු සත්ව වර්ගයක් නොකරන අන්දමින්  විවිධ භූමිකාවන් ඔස්සේ සුනඛයන් විසින් ඉටු කරනු ලබන අනෙක විධ සේවාවන් අගය කිරීම සඳහා මෙම දිනය සමරනු ලැබේ.ලොව සමාජ ආර්ථික වශයෙන් දියුණු රට වලට සාපේක්ෂව අප රටේ සිදුවන සුනඛයන් සම්බන්ධ කෲරත්වය හා ඔවුන් නොතකා හැරීම ආදිය මේ වන විටත් බරපතල ලෙසින් සිදුවෙමින් තිබේ.ජාත්‍යන්තර සුනඛ දිනය මුල්කොට එවැනි ගැටළු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඒවා වැළැක්වීමට පියවර යෝජනා කිරීම සිදු කෙරේ.සුනඛයන්ගේ ජීවිතාරක්ෂාව සැපයීම විපත්වලට ලක් වූ සුනඛයන් බේරා ගැනීම, නිවාස අහිමි සුනඛයින්ට නවාතැන් සැපයීම, සත්ව අයිතීන් ආරක්ෂා කිරීම, සුරතල් සතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම,හිංසනික නොවන අයුරින් සුනඛයන් හික්මවීම ආදී කරුණු කරුණු සම්බන්ධයෙන් අද දිනයේ දී ජාත්‍යන්තරව විශේෂයෙන් සළකා බැලෙයි.වේගවත් අයුරින් අස්ථාවර භාවයට පත් වන කෘතවේදී බව මුල් කොට ගත් මිනිස් සදාචාරාත්මක අංග සුනඛයන් වෙතින් ප්‍රශස්ථ අයුරින් පිළිබිඹු වීම මත ජාත්‍යන්තර සුනඛ දිනය වසරින් වසර ප්‍රවර්ධනයට ලක් වන සැමරුම් දිනයක් වනු ඇතැයි ලොව පුරා සමාජ මානව විද්‍යාඥයෝ අනාවැකි පළ කරති ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනුයේ  සුනඛයන් වෙත දක්වන කෘතවේදීත්වය මුල් කොට ද මිනිසුනට තමන්ගේ සදාචාර මට්ටම ඉහළ නංවා ගත හැකි බව ය

කාලීන පුවත්