ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර ඇත.අද (31) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත් වූ විශේෂ සාකච්ඡාවකින් අනතරුව පත්වීම ප්රදානය කර තිබීම විශේෂත්වයකි.විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන අතර , 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්ව වර්ෂ 2000 දී කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්ව ඇත.