ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි.
ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබිණි.
ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජේමුණි සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන ද එම තනතුරුවලින් මීට පෙරාතුව ඉල්ලා අස්වි තිබිණි.