2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පැහැදිලි ජයග්‍රහණයක් අත් කර ගන්නා බව පෙනෙන්නට තිබේ.මෙය පසුගිය ජනපතිවරණයේ දී එම පක්ෂය අත් කර ගත් ජයග්‍රහණය ද ඉක්මවා යාමකි. මේ අතර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සතියක කාලයක් ගතවෙන තුරු පෙළපාලි තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.පාගමනින් හෝ රථ වාහනවලින් පෙළපාලි යෑමේ අවස්ථාවක් නොමැති අතර ඩිජිටල් තිර යොදාගෙන සාමූහික වශයෙන් ප්‍රතිඵල නැරඹීමේ අවස්ථාවක්ද නොමැති බව ද ඒ මහතා සඳහන් කරයි.එමෙන්ම මෙවර ජාතික ජන බලවේගය ලබන ජයග්‍රහණය මුල් කොට අන් කිසිදු පාර්ශවයකට කවර අන්දමකගේ හෝ අයුතු බලපෑමක් සිදු නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පවසා තිබේ.