ජාතික ජන බලවේග අපේක්ෂකයන් වැඩි දෙනෙක් අපරාධ කාරයෝ!

ජාතික ජන බලවේගය යටතේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් වැඩි පිරිසක් විවිධ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි.ඒ මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාවලපිටියේ පැවති රැස්වීමක් අමතමිනි.වසර 30ක් මුලුල්ලේ රටේ පැවති යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොවිඩ් වසංගතයට ද සාර්ථකව මුහුණ දුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට පත් කොට යැවූ මුත් එම මන්ත්‍රීවරුන් රට වෙනුවෙන් කිසිවක් නොකළ බවත් ඔවුන් කළේ තමන්ගේ පෞද්ගලික කටයුතු පමණක් බවත් මන්ත්‍රීවරයා එහිදී කීය.

කාලීන පුවත්