ජාතික ජන බලවේග ආණ්ඩුවේ දේශපාලන මෙහෙයුම මේ වන විට සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය අතට පත්ව ඇති බවත් ජාතික ජන බලවේග විධායක සභාව ආණ්ඩුවට කිසිදු සක්‍රිය දායකත්වයක් ආණ්ඩුවට නොදක්වන බවත් .මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.“මේ ආණ්ඩුවේ දුර්වලකම්, වැරැදි තිබෙනවා. ඒ බව පැහැදිලිව කිව යුතුයි.ජාතික ජන බලවේගයේ . ප්‍රබලයෙක් වූ ආචාර්ය දිලීප විතාරණ වැන්නකුගේ ඉල්ලා අස්වීම ආණ්ඩුව පැත්තෙන් බරපතළ කාරණයක්.ඒ වගේම සම සෞඛ්‍ය ශිෂ්‍ය විරෝධතාවට පොලිසිය ලවා පහරදීම හා සිසුන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව තැබූ පියවරක්.මේ තත්ත්වය ප්‍රගතිශීලී ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමේදී බාධාවක් වීමට වැඩි ඉඩක් තිබෙන බවද කිව යුතුයි”යනුවෙන් ද .මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
.