ජාතික පොසොන් සතිය අද සිට

ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වේ.මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වෙයි. මෙවර ජාතික පොසොන් සතියේ තේමාව ‘නැගෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මා හිමි දෙසූ දහම’ යන්නයි. පොසොන් සමයේ බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන හෙයින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබේ. ජාතික පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ පොසොන් උත්සවය පිළිබඳව ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

 

කාලීන පුවත්