ජාතික රෝහලේ හදවත් සැත්කම් සීමා වෙයි

පවත්නා කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සිදු කෙරෙන හදවත් සැත්කම් සිදු කිරීම සීමා කිරීමට සිදු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා කියයි.හෘද සැත්කම් සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ පොරොත්තු ලේඛනයේ රෝගීන් සංඛ්‍යාව 6,000කට අධිකය.කොවිඩ් වසංගතයට පෙර ජාතික රෝහලේ සතියකට සිදු කර ඇති හෘද සැත්කම් සංඛ්‍යාව විසි පහකට ආසන්න මුත් දැනට සතියකට සිදු කරන සැත්කම් සංඛ්‍යාව පහ දක්වා අඩු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.ඒ අනුව දැනට හදිසි සහ අත්‍යවශ්‍ය සැත්කම් වලට පමණක් ප්‍රමුඛත්වය දීම මත සැත්කම් පොරොත්තු ලේඛනයේ හිඳින රෝගීන්ට එම සැත්කම් සඳහා වසරකටත් වැඩි කාලයක් බලා හිඳීමට සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරයි.

කාලීන පුවත්