ජාතික සත්වයා ලෙස දඬු ලේනා නම් කිරීම නිමා කරයි?

ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කොට හිඳින දඬු ලේනා ගේ නම මේ වසර තුළ එම ලැයිස්තුවෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා කියයි.ශ්‍රී ලංකාවේ වගා හානි කරන සතුන්ගේ ලැයිස්තුවෙන් දඬු ලේනාගේ නාමය පෙරට පැමිණ තිබීම මුල් කොට විවිධ පාර්ශවයන්ගෙන් ඒ පිළිබඳ යෝජනා පැමිණ ඇතැයි කී අමාත්‍ය වරයා නමුදු තවම ඒ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ නැතැයි ද කීය. දඬු ලේනා ගේ විද්‍යාත්මක නාමය Ratufa macroura  වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Giant Squirrel ලෙස හඳුන්වයි.

සෙමී25 ක් පමණ දිගින් යුත් දිගු වලිගයක් රවුම් වූ කෙටි කන් සහිත. දුඹුරු, රතු, අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැකි. මෙම සත්ත්වයා ගේ කඩිසර බව ක්‍රියාශීලී බව මුල් කොට ඌ ජාතික සත්වයා ලෙස නම් කොට තිබේ.දඬු ලේනෙකුට එක් ගසක සිට මීටර් 06 ක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකි අතර උගේ උද්යෝගිමත් චර්යා රටාව බලන්නකුගේ සිත තුළ ප්‍රියතාවයක් ජනිත කරවන්නකි.අමාත්‍ය වරයා පවසන්නේ දඬු ලේනා ඉවත් කිරීමෙන්”පුරප්පාඩු වන”ජාතික සත්වයා ලෙස ශ්‍රී ලංකා දිවියාගේ නම සුදුසු බවට මේ වන විටත් යෝජනා ඉදිරිපත් ව ඇති බවය.

කාලීන පුවත්