ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතුයි – අගමැති

ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරනලදි. වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඔවුන් බලපාන ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණි.

මේ අතර සීතාවක සංවර්ධන කමිටු රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විිය. රට පුරා ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14000ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදි කියා සිටියි.

එම ව්‍යාපෘති ඉදිරි මාස 5 තුළ අවසන් කිරීම අපේක්ෂාව වන අතර සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේ දී ද ආරම්භ කිරීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කරයි.

කාලීන පුවත්