ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය හා සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේදී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කැඳවා ඇති මෙම සාකච්ඡාවට වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන තුන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වීමට නියමිතය.මෙහිදී යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට පැවරීම පිළිබඳව ප්රධාන වශයෙන් සාකච්ඡා කෙරේ.