විශිෂ්ට පාරිසරික සුන්දරත්වයක්,ජෛව විද්‍යාත්මක වටිනාකමක් වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ද තිබෙන අභය භූමියකටයි, අද අප ඔබව කැඳවාගෙන යන්නේ. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි කලමැටිය අභය භූමියයි.කොළඹ හම්බන්තොට මාර්ගයේ රතුපස්ගොඩැල්ලෙන් හැරී ගිය විට මෙම අභය භූමියට පිවිසිය හැකියි.
උස්සන්ගොඩ නමින් හඳුන්වන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ප්‍රදේශය පිහිටා තිබෙන්නේ මේ අභය භූමිය තුළයි. කලමැටිය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ 1984 ජුනි මස 28 වැනිදායි.
උස්සන්ගොඩ තිබෙන්නේ රතු පැහැති අමුතුම වර්ගයේ පසක්. මෙහි කුඩා ගස් මිස මහ ගස් හැදෙන්නේ නෑ. ජන ප්‍රවාදයේ එන ආකාරයට උස්සන්ගොඩට මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ ඈත අතීතයේ රාවණා රජුගේ දඩුමොණරය ගොඩ බැස්වූ ස්ථානය නිසා බවයි.මේ ප්‍රදේශයේ පස් තද රතු පැහැ ගැන්වී ඇත්තේ උල්කාපාතයක් කඩා වැටීම නිසා බවටත් මතයක් තියනවා.
ඒ කෙසේ වුවත් දැනට අභය භූමියක් ලෙස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙය ආශ්‍රිත රතුපස්ගොඩැල්ල පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා.
මෙම අභය භූමිය විවිධ පරිසර පද්ධතිවලින් යුතුයි. ලවණ වගුරු. තෘණ භූමි, කටු පඳුරු සහිත ලඳු කැළෑ, කඩොලාන, වැලි කඳු වැනි පරිසර පද්ධති ගණනාවක් මෙම පරිසර පද්ධතිය තුළ දක්නට ලැබෙනවා.
මෙහි විවිධ පරිසර පද්ධතිවල තිබෙන ශාක විවිධත්වය ද විශාලයි. අභය භූමියේ එක් පැත්තක් මායිම් වන්නේ මුහුදු තීරයට. ඒ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියේ කිරල, කඩොල්, කටු ඉකිරිය වැනි ශාක දක්නට ලැබෙනවා .එසේම වැලි කඳු ආශ්‍රිතව මහාරාවණ රැවුල, මුහුදු ගැට කොළ වැනි ශාක ද, කටු පඳුරු ලඳු කැලෑ ආශ්‍රිතව අන්දර, හීන් කටුපිල, හීන් කරඹ, කුකුළුමුවන් වැනි ශාක ද මෙම අභය භූමිය තුළදී තුළ දී දැක ගන්න පුළුවන්.
කලමැටිය ආශ්‍රිත මුහුදු තීරයට කැස්බෑ විශේෂ ගණනාවක්ම බිත්තර දැමීම සඳහා පැමිණෙනවා.
දැනට සොයාගෙන සොයාගෙන තිබෙන ආකාරයට මෙහි විවිධ සත්ත්ව විශේෂ ගණනාවක්ම දැකගත හැකියි. මිරිදිය හා කිවුල් දිය වල වෙසෙන මාළුන් විශේෂ 35ක්, උභය ජීවීන් විශේෂ 13ක්, උරග විශේෂ 43ක්, පක්ෂීන් විශේෂ 168ක්, ක්ෂීරපායින් විශේෂ 24ක් , සමනලුන් විශේෂ සත75ක්, ගොළුබෙල්ලන් විශේෂ 18ක් අධ්‍යයනවල දී අධ්‍යයන වලදී අනාවරණය කරගෙන තිබෙනවා.
උස්සන්ගොඩ බහුලවම දක්නට ලැබෙන කහ කරමල් කිරලා සාමාන්‍ය දුර්ලභ පක්ෂියෙක්. ඒ වගේම තෙත්බිම් ආශ්‍රිත පක්ෂීන්, වනාන්තර ආශ්‍රිත පක්ෂීන් වශයෙන් පක්ෂි ගණනාවක් බහුලවම මෙම අභය භූමියේ වාසය කරනවා.නමුත් මේ පාරිසරික පද්ධතියට පැමිණෙන ඔබට කීමට ඇත්තේ හිමිදිරිය හෝ සැන්දෑ යාමය ඒ සඳහා වඩාත් සුදුසු බවයි.
අතීතයේ මේ ඉසව්වේ ජාම වෙලාවට රීරි යකා සැරිසරන නිසා කාන්තාවක් බැරිවෙලාවත් මේ උස්සන්ගොඩ කලමැටිය පැත්තට තනිව නොගිය බව අතීත ගැමියන් කියනවා.
සමහර විය ඒ ප්‍රදේශයේ පස් වල රතු පාට නිසා රීරි යකාට සම්බන්ධ කරලා ගෙතුණු ජන විශ්වාසයක් මුල් කරගෙන ඒ කතාව ගෙතෙන්න ඇති.ඒ වගේම මෑතක් වන තුරුම තොවිල් පවිල් වලට මේ ගොඩැල්ලේ පස් එහෙමත් ගත් බව වියපත් ගැමියන් කියනවා.
නමුත් අපි ඔබට මේ ගමන සඳහා හිමි දිරිය හෝ සැන්දෑ යාමය සුදුසු බවට යෝජනා කරන්නේ නම් ඒ ගුප්ත විශ්වාසය නිසා නොවෙයි.ඒ වේලාවන් වල හාත්පස පරිසරය සෞම්‍ය බවක් ගැනීම හා ඒ අභය භූමියේ පක්ෂීන්ගේ චර්යා වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වීම නිසයි.
ඉන්දු පෙරේරා