ජාලිය වික්රමසූරිය ශ්රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී ශ්රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය මහතා ශ්රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන තිබේ.ඒ,තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්රී ලංකා රජයෙන් ඩොලර් 332,027ක් වංචා කිරීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙනි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සොයුරන්ගේ ඥාති සොයුරකු වන ජාලිය වික්රමසූරිය මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දැරූ 2008 වසරේ සිට 2014 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ලෙස කටයුතු කොට තිබේ.ඔහු කොලොම්බියා දිස්ත්රික් අධිකරණයේදී චෝදනා සඳහා වරද පිළිගෙන තිබෙන අතර, මෙම චෝදනා සඳහා උපරිමය වසර පහක සිර දඬුවමක් සහ දඩ නියම කිරීමට හැකියාව පවතින බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.ඒ අනුව හිටපු තානාපතිවරයාට ජූලි 20 දින දඬුවම් නියම කිරීමට නියමිත බව වාර්තා වෙයි.