හිටපු ඇමරිකානු ජනාධිපති වරයකු වන ජිමී කාටර් ඊයේ(29) අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු ගේ වයස අවුරුදු සියයකි.සිය නිවසේ දී ඔහු ගේ මරණය සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඇමරිකානු දේශපාලනඥයෙකු සහ පරාර්ථකාමියෙකු ලෙස ප්‍රකට ජිමී කාටර් 1977 වසරෙහි සිට 1981 වසර දක්වා එක්සත් ජනපදයෙහි 39 වන ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළේය. ඩිමොක්රටික් පක්ෂයෙහි සාමාජිකයෙකු වන ඔහු, පෙරදී 1963 වසරෙහි සිට 1967 වසර දක්වා ජෝර්ජියා ජනපද සෙනෙට් මන්ත්‍රීවරයෙකු ලෙසින්ද, 1971 වසරෙහි සිට 1975 වසර දක්වා ජෝර්ජියාහී 76වන ආණ්ඩුකාරවරයා ලෙසින්ද සේවය කොට තිබේ. ජනාධිපති තනතුරෙන් ඉවත්ව ගිය පසුව, කාටර් පෞද්ගලික අංශයෙහි සක්‍රීයව සිටි අතර, 2002 වසරෙහි දී ඔහු වෙත නොබෙල් සාම ත්‍යාගය පිදුණේ කාටර් මධ්‍යස්ථානයෙහි සම-ස්ථාපක ලෙසින් ඉටු කළ කාර්ය භාරය වෙනුවෙනි.