සිනමා කටයුතුවලට අමතරව බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තවත් කාරණයක් නිසා මේ දිනවල නිතර මාධ්‍ය තුළ පුවත් මවයි. එනම් ඔහුට නිරන්තරයෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙනි. පසුගිය කාලයේ දිගටම වාගේ සල්මාන්ට මෙවැනි තර්ජන එල්ල වනු දැකිය හැකි විය. මේ දිනවල නැවතත් ඔහුගේ ජීවිතයට ඇති තර්ජන ඉහළ ගොස් ඇති බවත්, ඒ නිසා ඔහුගේ ආරක්ෂාව තව දුරටත් ඉහළ දැමීමට අදාල අංශ පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
මෙම අලුත් තත්වය මතුව ඇත්තේ මෙයට ටික දිනකට පෙර දේශපාලනඥයකු ඝාතනය කිරීමේ සිදුවීමකින් පසුව ය. පසුගිය 12 වැනි දින මේ ආකාරයෙන් සාහසිකයන් විසින් ඝාතනය කරන ලද්දේ බාබා සිද්දික් නැමැති දේශපාලනඥයෙකි. මුම්බායි හි දී වෙඩි තබා ඝාතනය කරන ලද ඔහු මුම්බායි නරගය පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රාන්ත සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහු සහ සල්මාන් අතර දැඩි මිත්‍රත්වයක් පැවති බව සඳහන් වේ. සිද්දික් ඝාතනය කරන ලද්දේ මෙම මිත්‍රත්වය නිසා බවට ද කතාවක් පැතිරිණි.
පසුගිය කාලයේ සල්මාන්ට මරණ තර්ජන එල්ල කරන ලද්දේ ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල නායකයකු විසින් බව විශ්වාස කෙරේ. බාබා සිද්දික් ඝාතනය කළේ ද බිෂ්නෝයි ගේ කල්ලිය බවට පොලිසිය සැක කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් වේ. සිද්දික් ගේ ඝාතනයෙන් පසු සල්මාන් ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත්තේ ඉහත කී පසුබිම තුළ ය.
පසුගිය කාලයේ සල්මාන්ට මරණ තර්ජන එල්ල කරන ලද්දේ ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල නායකයකු විසින් බව විශ්වාස කෙරේ. බාබා සිද්දික් ඝාතනය කළේ ද බිෂ්නෝයි ගේ කල්ලිය බවට පොලිසිය සැක කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් වේ. සිද්දික් ගේ ඝාතනයෙන් පසු සල්මාන් ගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත්තේ ඉහත කී පසුබිම තුළ ය.
බාබා සිද්දික් ඝාතනය කර තිබුණේ රාත්‍රි 9.30 ට පමණ ඔහු සිය පුත්‍රයාගේ කාර්යාලය වෙත යමින් සිටිය දී යි. සිද්දික් ගේ පුත්‍රයා ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරයෙකි. වෙඩි තැබීම සඳහා තුන් දෙනෙකු පැමිණ තිබූ බව ද සඳහන් වේ. සිද්ධියෙන් පසු සිද්දික් වහාම රෝහලක් වෙත ගෙන ගොස් තිබුණත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.
ලෝරන්ස් බිෂ්නෝයි දැන් කාලයක සිටම සල්මාන් සමග වෛර බැඳගෙන සිටින බවක් සඳහන් වේ. එයට හේතුව ලෙස සැලකෙන්නේ මෙයට වසර කිහිපයකට පෙර සල්මාන් විසින් කරන ලද බව කියන සත්ත්ව දඩයමකි. 1998 වසරේ සල්මාන් ජෝද්පූර් නැමැති ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටිය දී බ්ලැක්බක් වර්ගයට අයත් සතුන් දෙදෙනකුට වෙඩි තැබූ බවට චෝදනා එල්ල විය. බ්ලැක්බක් වර්ගයේ සතුන් මෙම ප්‍රදේශයේ ජීවත්වන බිෂ්නෝයි නැමැති ජන කොට්ඨාශය මහත් පූජනීයත්වයෙන් සලකන සතුන් විශේෂයකි. ලෝරන්ස් බිෂ්නෝයි ඇතුළු පිරිස සල්මාන් සමග වෛර බැඳගෙන සිටින්නේ මෙම දඩයම් සිද්ධිය නිසා බව විශ්වාස කෙරේ.
සිය ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වී ඇති අලුත් තත්වය නිසා සල්මාන් අලුත් වෙඩි නොවදින රථයක් ඇණවුම් කිරීමට පියවර ගෙන ඇති බවක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි. නවීන තාක්ෂණයෙන් යුතු මෙම රථය ඔහු ගෙන්වීමට යන්නේ ඩුබායි නගරයෙනි. ඉන්දියාවෙන් මිල දී නොගෙන මේ ආකාරයට ඩුබායි සිට ආනයනය කිරීමට යන්නේත් එය වඩාත් ආරක්ෂාකාරී නිසා විය හැකිය.
මෙම මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් කෝටි 2 ක් (ලංකා රුපියල් කෝටි 7 ක් පමණ) වන බවත් වාර්තා වේ. මෙහි වීදුරු ඉතා සවිමත් බවත්, ඉතා ආසන්නයේ සිට වෙඩි තැබුවත් එහි ඇතුළත සිටින්නවුන්ට අනතුරක් සිදු නොවනු ඇති බවත් සඳහන් ය. රිය තුළ සිටින අය හඳුනා ගැනීමට නොහැකි වන සේ වීදුරු කළු කර ඇති අතර මෝටර් රියට යම් කෙනෙකු බෝම්බයක් සවි කර තිබුණහොත් එය දැන ගත හැකි සංවේදක :ීැබිදරි* ද මෙහි තිබෙන බැව් පැවසේ. සල්මාන් මෙයට පෙර ද වෙඩි නොවදින රථයක් ඩුබායි හි සිට ආනයනය කළේය.
මේ වසරේ අප්‍රේල් මාසයේ සල්මාන් ගේ මුම්බායි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය ද විශාල අවධානයක් දිනාගත්තක් විය. නමුත් එම සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැත. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මේ වනවිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වසරේ අප්‍රේල් මාසයේ සල්මාන් ගේ මුම්බායි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය ද විශාල අවධානයක් දිනාගත්තක් විය. නමුත් එම සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැත. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මේ වනවිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සල්මාන් සමග වෛර බැඳගෙන සිටින බව කියන ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල නායකයා මේ වනවිට සිටින්නේ බන්ධනාගාරයක යි. ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මෙයට වසර 10 කට පෙර 2014 වසරේ ය. මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු බොහෝ චෝදනා ඔහුට එරෙහිව එල්ල වී ඇත.
ලෝරන්ස් බිෂ්නෝයි සිරගතව සිටියත් ඔහුගේ කල්ලියේ ක්‍රියාකාරකම් දිගටම සිදු වෙමින් තිබේ. මෙම කල්ලිය ඉන්දියාවේ පමණක් නොව තවත් රටවල් රැසක ක්‍රියාත්මක වන්නකි. වෙඩික්කාරයන් 700 ක් පමණ මෙම කල්ලිය තුළ සිටින බවක් ද සඳහන් ය.
සල්මාන් ඛාන් බොලිවුඩයේ සිටින ඉතාම කාර්ය බහුල නළුවකු බව රහසක් නොවේ. එවැනි කෙනෙකුට ආරක්ෂාව සැපයීම ආරක්ෂක අංශවලට ද දැඩි අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ දිනවලත් ඔහු ‘සිකන්දර්’ නැමැති අලුත් චිත්‍රපටයක රූගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටියි.
නිහාල් පීරිස්