ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ ධාවන පථයේ සිදු වූ ගුවන් යානා අනතුරට හේතුව යානය ධාවන පථය අවසානයේ ඉදි කර තිබූ විශාල කොන්ක්‍රීට් බැම්මක ගැටී පිපිරී ගිනිගෙන විනාශ වීම බවත් ධාවන පථයේ අවසන් භාගයේ මීටර් 4ක් උසැති ශක්තිමත් කොන්ක්‍රීට් බැම්මක් ඉදි කර තිබීම ඊට හේතු වූ බවත් එය ගුවන් ගමන් විශේෂඥවරුන්ගේ විමතියට හේතු වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කොට තිබේ.යානය ගොඩබැස්වීමේ ගියරය අක්‍රීය වීම සහ කුරුලු රංචුවක් යානයේ තටු අතර සිරවීම වැනි කරුණු රැසක් අනතුරට මුල් වූ හේතු වශයෙන් සඳහන් වූවද, ධාවන පථය අවසානයේ කොන්ක්‍රීට් බැම්මක් වැනි බාධකයක් ඉදි කර නොතිබුණේ නම් එම බිහිසුණු අනතුර වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ගුවන් ගමන් විශේෂඥයකු වන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලියර්මෝන්ට් සඳහන් කර තිබේ.ගුවන් මගීන්ට ජීවිත අහිමිවූයේ යානයේ ගොඩබැස්වීමේ ගියරය ක්‍රියාත්මක නොවීම හෝ කුරුලු රංචුවක් එහි තටු අතර ගැටීම නිසා නොවන බවත්, ගුවන් යානය ශක්තිමත් කොන්ක්‍රීට් බැම්මේ ගැටී ගිනි ගැනීම හේතුවෙන් බවත් ඩේවිඩ් ලියර්මෝන්ට් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි