ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ගැන අලුත් හෝඩුවාවක්

මෙම විශ්වය තුළ ජීවීන් සිටින්නේ පෘථිවිය මත පමණක් ද? එසේ නැතහොත් මේ ආකාරයෙන් ජීවින් ජීවත් වන තවත් ග්‍රහලෝක විශ්වයෙහි තිබෙනවා ද? මිනිසුන් වැනි දියුණු බුද්ධිමත් ජීවීනුත් ඒ ග්‍රහලෝකවල සිටිනවා ද? මෙකල ලොව පුරා තාරකා විද්‍යාඥයන් මෙවැනි ප්‍රශ්නවලට මහත් උනන්දුවෙන් පිලිතුරු සොයමින් සිටින බව රහසක් නොවේ.
අප වාසය කරන පෘථිවිය හැරුණු කොට ජීවීන් සිටින තවත් ග්‍රහලෝක විශ්වයෙ හි තිබෙනවාදැ යි දැන ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන් විවිධ මෙහෙයුම් දියත් කර තිබේ.

K2- 18b ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. ආලෝක වර්ෂයක් යනු තත්පරයට කි.මී 300,000 (තත්පරයට සැතපුම් 186,000) ක වේගයෙන් ගමන් කරන ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුරයි. මේ අනුව පෘථිවියේ සිට K2-18b දක්වා ඇති දුර දළ වශයෙන් කි.මී. ට්‍රිලියන 700 කට ආසන්න වේ. මෙම ග්‍රහලෝකය අයත් වන්නේ ලියෝ (Leo) නමින් හැඳින්වෙන තාරකා මණ්ඩලයකට යි. K2-18 b ග්‍රහලෝකය මෙම තාරකා මණ්ඩලයට අයත් K2-18 නමැති තාරකාව වටා ගමන් කරමින් ඇති ග්‍රහලෝකයකි.

තත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ එක්තරා විද්‍යාඥයන් කණ්ඩායමකට ලැබුණු හෝඩුවාවක් පිළිබඳව තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුළ මහත් කුතුහලයක් සහ උනන්දුවක් ඇති වී තිබිණි. මෙය සැලකෙන්නේ ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් පිළිබඳව මෙතෙක් ලැබුණු ලොකුම හෝඩුවාව ලෙසිනි.

මේ කියන හෝඩුවාව ලැබී තිබුණේ තරකා විද්‍යා ක්ෂේත්‍රය තුළ K2- 18b යනුවෙන් හැඳින්වෙන ග්‍රහලෝකයකිනි. මෙය අප ජීවත් වන සූර්ය ග්‍රහ මණ්ඩලය තුළ පිහිටා ඇති ග්‍රහලෝකයක් නොව ඊට බොහෝ ඈතින් පිහිටා තිබෙන්නකි. (සූර්ය ග්‍රහ මණ්ඩලය ලෙස හැඳින්වෙන්නේ බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් යන ග්‍රහයන්ගෙන් සැදුම්ලත් ග්‍රහ මණ්ඩලය යි).

ඉහත කී K2- 18b ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. ආලෝක වර්ෂයක් යනු තත්පරයට කි.මී 300,000 (තත්පරයට සැතපුම් 186,000) ක වේගයෙන් ගමන් කරන ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුරයි. මේ අනුව පෘථිවියේ සිට K2-18b දක්වා ඇති දුර දළ වශයෙන් කි.මී. ට්‍රිලියන 700 කට ආසන්න වේ. මෙම ග්‍රහලෝකය අයත් වන්නේ ලියෝ (Leo) නමින් හැඳින්වෙන තාරකා මණ්ඩලයකට යි. K2-18 b ග්‍රහලෝකය මෙම තාරකා මණ්ඩලයට අයත් K2-18 නමැති තාරකාව වටා ගමන් කරමින් ඇති ග්‍රහලෝකයකි.

අචාර්ය නිකු මධුසුදාන්

සූර්ය ග්‍රහ මණ්ඩලයට පිටින් පිහිටා ඇති මෙවැනි ග්‍රහලෝක හැඳින්වෙන්නේ බහිෂ්- සෞර ග්‍රහලෝක (Exoplanets) යනුවෙනි.

K2-18b ග්‍රහලෝකය පෘථිවියට වඩා බෙහෙවින් විශාල ග්‍රහලෝකයක් බව ද විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. එය විශාලත්වය අතින් පෘථිවිය මෙන් 2.5 ගුණයක් පමණ වන බව සඳහන් ය.

මෙම ග්‍රහලෝකයේ ජීවීන් සිටිය හැකි බව විද්‍යාඥයන් අනුමාන කරන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය නැමැති ඉතා දියුණු දුරේක්ෂයක් මගින් කරන ලද නිරීක්ෂණ පදනම් කර ගනිමිනි. මෙම දුරේක්ෂය පෘථිවිය මත පිහිටා ඇති දුරේක්ෂයක් නොව අභ්‍යවකාශයේ පිහිටුවා තිබෙන්නකි. ඇමරිකාවේ නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය, කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය යන ආයතන විසින් ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශගත කරන ලද්දේ 2021 වසරේ යි.

මෙම දුරේක්ෂය ඔස්සේ ඉහත කී K2-18b ග්‍රහලෝකයේ වායුගෝලය නිරීක්ෂණය කිරීමේ දී ඉහත කී විද්‍යාඥයන් කණ්ඩායමට වැදගත් කාරණයක් දැක ගන්නට ලැබිණි. එනම් ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් නැමැති වායූන් දෙකක් K2-18b හි වායුගෝලයෙහි අඩංගු වන බවයි. මේවා පෘථිවි වායුගෝලයේ ද දක්නට ලැබෙන වායූන් දෙකකි. පෘථිවිය මත නම් මෙම වායුන් නිකුත් කරනු ලබන්නේ ඉතා කුඩා ජීවීන් විශේෂ විසිනි.

K2-18b ග්‍රහලෝකය මත ද ජීවීන් සිටිය හැකි බවට විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම නිරීක්ෂණ මත පදනම්ව යි.

ඈත ග්‍රහලෝකවල ජීවින් සිටිනවාදැ යි සොයා බැලීමේ දී මේ ආකාරයෙන් ඒවායේ වායුගෝලයන් නිරීක්ෂණය කිරීම විද්‍යාඥයන් නිතර යොදාගන්නා විධික්‍රමයකි. පෘථිවිය මත සමාන්‍යයෙන් ජීවීන් විසින් නිකුත් කරනු ලබන වායූන් මෙවායේ ඇත්දැයි ඔවුහු සොයා බලති.

K2-18b ග්‍රහලෝකය සම්බන්ධයෙන් ඉහත සොයා ගැනීම කර තිබුණේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ විද්‍යාඥයන් පිරිසකි. එහි ප්‍රධානියා වූයේ නිකු මධුසුදාන් නැමැති ඉන්දීය සම්භවයක් සහිත විද්‍යාඥයෙකි.

ජේම්ස් වෙබ් දුරේක්ෂය

අපූරු කාරණයක් වන්නේ ඉහත කී වායූන් ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් K2-18b මත දක්නට ඇති බව යි. පෘථිවියේ මෙන් දහස් ගුණයකට වැඩි ප්‍රමාණයක් මෙහි ඇති බව විද්‍යාඥයන් ගේ අදහස යි. මෙම වායූන් නිකුත් කරන්නේ ජීවින්ම නම් එයින් අදහස් වන්නේ ජීවීන් විශාල ප්‍රමාණයක් මෙම ග්‍රහලෝකයේ සිටින බව යයි ඔවුහු පවසති. මෙහි දී ජීවීන් යනුවෙන් අදහස් වන්නේ මිනිසුන් සහ අලි කොටි වලසුන් වැනි ජීවීන් පමණක් නොවේ. ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් පවා මෙම වර්ගීකරණයට අයත් වේ.

කෙසේ නමුත් K2-18b ග්‍රහලෝකයේ වායුගෝලයෙ හි ඉහත කී වායූන් තිබූ පමණින් එම ග්‍රහලෝකය මත ජීවීන් සිටින බව නිශ්චිතව පැවසිය හැකි නොවේ. මන්ද යත් වෙනත් හේතූන් නිසා ද මෙම වායූන් ඇති වීමට ඉඩ ඇති බැවිනි. විශ්වය යනු බොහෝ අපූරු දේ සිදුවන අබිරහස් තැනක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ නිසා K2-18 b මත ජීවීන් සිටින බව නිශ්චිතව තහවුරු කිරීම සඳහා තව දුරටත් පුළුල් වශයෙන් සොයා බැලීම් කළ යුතුය. කෙසේ වෙතත් ඉහත කී විද්‍යාඥයන් කණ්ඩායම මේ සම්බන්ධයෙන් ලොකු විශ්වාසයකින් පසුවන ආකාරයක් දැකිය හැකි වේ.

ඔවුන් පවසන තවත් අපූරු කාරණයක් වන්නේ ඉහත කී වායූන් ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් K2-18b මත දක්නට ඇති බව යි. පෘථිවියේ මෙන් දහස් ගුණයකට වැඩි ප්‍රමාණයක් මෙහි ඇති බව විද්‍යාඥයන් ගේ අදහස යි. මෙම වායූන් නිකුත් කරන්නේ ජීවින්ම නම් එයින් අදහස් වන්නේ ජීවීන් විශාල ප්‍රමාණයක් මෙම ග්‍රහලෝකයේ සිටින බව යයි ඔවුහු පවසති.

මෙහි දී ජීවීන් යනුවෙන් අදහස් වන්නේ මිනිසුන් සහ අලි කොටි වලසුන් වැනි ජීවීන් පමණක් නොවේ. ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවීන් පවා මෙම වර්ගීකරණයට අයත් වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්