විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම කෙරෙහි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වයෙන් උපදෙස් ලැබී ද ඇති බව සදහන් ය.ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනකු සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව ද පැවසෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සමඟ ඇති වූ මත ගැටුම් මත ශ්‍රී ලංකා පෙරමුණේ සභාපති ධුරයෙන් ද ජී.එල්. පීරිස් මහතා ඉවත් කරනු ඇතැයි ද කියනු ලැබේ.මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනතා නායකත්වයට ඉහළින් “රාජපක්ෂ වාදය” හිස එසවීමක් සහ රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පවුලේ ඒජන්ත වරයකු ලෙස ක්‍රියා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැබෑ ජන බලය විනාශ කිරීමේ සූක්ෂම සැලසුමකැයි ද එම පරමුණේ එක් පාර්ශවයක් කියා සිටිති.